FAST NEWS

24×7 Around the Globe

කසිප්පු පෙරමින් සිටි අපේක්ෂකයෙකු අත්අඩංගුවට..

පළාත් පාලන මැතිවරණයේදි වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන අපේක්ෂකයෙකු මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ඊයේ(03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එම අපේක්ෂකයා හා ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කනංකේ කඩවීදිය ප්‍රදේශයේ ලදු කැලෑවක මහා පරිමාණයෙන් කසිප්පු පෙරමින් සිටියදීය.

සැකකරුවන් සන්තකයේ තිබී කසිප්පු මිලිලීටර් 20250ක් සීනි කරිඤ්ඤං මිලි ලීටර් 50000ක් කසිප්පු බැරල් දෙකක් හා කසිප්පු පෙරීමට ගන්නා දගරයක් ඇතුළු උපකරණ තොගයක් පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකාර මැතිවරණ අපේක්ෂකයා හා ඔහුගේ සහෝදරයා අද(04) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.