FAST NEWS

24×7 Around the Globe

අයිෂ්වර්යා තමන්ගේ මව කියමින් අයෙක් මාධ්‍ය හමුවේ..

සුරූපී බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායි තමන්ගේ මව යැයි පවසමින් ඉන්දියාවේ පුද්ගලයෙකු ඡායාරූප පෙළක් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබේ.

අන්ද්‍රා ප්‍රදේශවාසියෙක් වන ඔහු නමින් සංගීත් කුමාර් වන අතර ඔහු පවසන ආකාරයට 1988 එංගලන්තයේ දී අයිෂ්වර්යා රායි මේ දරු උපත සිදුවී තිබේ.

එසේම ඔහු පවසන්නේ අයිෂ්වර්යා වයස අවුරුදු 14 දි ඔහුව මෙලොවට බිහි කළ බවයි.

අයිෂ්වර්යා රායි මේ වන විට 44 හැවිරිදි වියේ පසුවන අතර සංගීත් නැමැති මෙම පුද්ගලයාගේ 30 වැනි වියෙහි පසුවන බව සදහන්ය.

මේ අතර වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ අදාළ පුද්ගලයා පවසා ඇත්තේ අයිෂ්වර්යා තමන්ගේ මව බවට ඔප්පු කළ හැකි සියලුම ලියකියවිලි ඥාතින් විසින් විනාශ කළ බවත් තමන්ට අයිෂ්වර්යා අම්මා ළඟට ගොස් ජීවත් වීමට අවශ්‍ය බවත්ය.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසා ඇත්තේ මෙම පුද්ගලයා පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවයි.