පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
මාධ්‍යවල වාර්තා කෙරුනා හම්බන්තොට මාගම්පුර වරායේ චීන කොඩිය ඔසවා තිබෙනවා කියලා.
ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ රටක ජාතික කොඩියෙන් පෙන්නුම් කරන්නේ ඒ රටට හිමි හිමිකාරිත්වයයි. ධජය එසවිමෙන් සංකේතවත් කරන්නේ යම් භූමියක් අයිති කුමන රටටද ක්‍රියාත්මක වන්නේ කුමන නිතීයද යන්නයි.
ශ්‍රි ලංකාවේ විදේශිය සමාගම් ඕන තරම් තියෙන්න පුළුවන්. විදේශිය සමාගම් කුලියට ගත්ත භූමි තියෙන්න පුළුවන් නමුත් ඒ සැම භූමියකම ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා නීතිය නිසා කිසිම සමාගමකට ශ්‍රි ලංකා භුමිය තුළ තමන්ගේ රටේ ධජය එසවීමට අයිතියක් නෑ.
ශ්‍රි ලංකාව තුළ චීන ධජය ඔසවා තැබිය හැක්කේ චීන තනාපති කාර්යාලයේ පමණයි. චීන තනාපති කාර්යාලය පිහිටි භුමියේ ක්‍රියාත්මක වන්නේ චීන නිතීය නිසා. ඒ තනාපති කාර්යාලයට අදාල වන්නේ චීන නිවාඩු. යම් අපරාධකරුවෙක් ඒ භූමියට ඇතුළු වුණත් අපේ හමුදාව පොලිසියට ඇතුළු වෙන්න බෑ මොකද එය ආක්‍රමණයක් විදිහට සලකන්න පුළුවන්.
ඒ නිසා අපි ශ්‍රි ලංකා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා මාගම්පුර වරාය අයිති භූමිය චීනයට අයිති බිම් ප්‍රදේශයක් බවද චීන කොඩිය එසවීමෙන් සංකේතවත් වෙන්නේ කියලා. අපි නොදන්න හොර ගිවිසුම් තිබෙන බවයි මෙ කොඩි එසවීමෙන් රටට පෙනෙන්නේ.
රාජ්‍ය නායකයෙක් පැමිණිලා ඉන්න වෙලාවටත් ඔහු සිටින තැන කොඩිය ඔසවනවා රාජ්‍ය නායකයා සිටින තැන සංකේතවත් කරන්න. එහෙම නැතිව ඒ රටේ කොඩිය එසවීමට කිසිම පදනමක් නෑ.
තවමත් මාගම්පුර වාරයේ ක්‍රියාත්මක විය යුත්තේ ශ්‍රි ලංකාවේ නීතියමයි. අපි නොදන්න ගිවිසුමකින් චීනය හොංකොන් දූපත ඉංග්‍රිසින්ට වසර 200කට පැවැරුවා වගේ අපේ රදලයෝ ගිහිල්ලා ගිවිසුමක් ගහලා කන්ද උඩරට ඉංග්‍රිසින්ට ලබා දුන්නා වගේ හම්බන්තොට චීනෙට දීලද දන්නෙත් නෑ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.