FAST NEWS

24×7 Around the Globe

ඒ අයට තවමත් ඒ ගතිය අතහැර ගන්න බැරි වෙලා..

තමුන්නාන්සේලාට ලැබෙන සංවර්ධනය අපි අපේ සාක්කුවට දාගන්නේ නැහැ. අපි ඒ සියලු සංවර්ධනය තමුන්නාන්සේලාට ගෙනත් දෙනවා. අපි අපේ පවුල් වෙනුවෙන් වැඩ කරගන්නේ නැහැ.

රාජපක්ෂ යුගයේ නම් වැඩ කරගත්තේ පවුලේ අය වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් වැඩ කළේම නැහැ. හැම වෙලාවෙම ගොඩනඟා ගන්න හැදුවේ පවුල. ඒ අයට තවමත් ඒ ගතිය අතහැර ගන්න බැරි වෙලා තියෙනවා යැයි නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මොරවක පොල්ගස්විල ප්‍රදේශයේ පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණය ඉලක්ක කරමින් පැවැති මුල්ම ජන රැලියක් අමතමින් කියා සිටියේය.