සිංහලේ කොඩිය’ ජාතිවාදීන්ගේ කොඩියක් ලෙස හඳුන්වමින් සිරස’ මාධ්‍ය ජාලය ජාතිවාදී මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවට චෝදනා කරමින්, එම ආයතනයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් කටයුතු කරමින් සිටිති.
චෛතිහාසික ‘සිංහල කොඩියට’ අපහස කල ‘සිරස’ මාධ්‍යයට විරෝධය පල කිරීම සඳහා, ‘සිංහල කොඩි’ ද ඇතැතිව හෙට (30) කොළඹ යුනියන් පෙදෙසේ ජැයික් හිල්ටන් හෝටලය අසලට එන්නැයි බොදු බල සේනා සංවිධානය මේවනවිටත් SMS පණිවිඩ හරහා සිය සාමාජිකයින්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා කියා සිටියේ, ‘සිංහල කොඩියට’ අපහස කල සිරසට එරෙහිව සංවිධාන ගණනාවක් විසින් එවැනි විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර ඇති බවත්, ඊට තම සංවිධානය ද එක්වන බවත්ය.
ආණ්ඩුවේ බලපෑමට මහින්ද රාජපක්ෂ මහතා ‘සිංහල කොඩිය’ හකුලා ගත්ත ද , එම ධජය රටේ ජාතික ධජය බවට තහවුරු කිරීමට තම සංවිධානය කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
බොදු බල සේනා සංවිධානය ‘නාගයා’ ලකුණින් ‘බොදු ජන පෙරමුණ’ (BJP) නමින් මෙම මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර, රටේ නම “සිංහලේ” ලෙස නීති ගත කිරීමත්, 1815 ට පෙර හා 1948 ඔසවන ලද “සිංහ” කොඩිය ජාතික කොඩිය ලෙස නීති ගත ගත කිරීම පිණිසත් තම පක්ෂය කටයුතු කරන බව ඔවුන් අවධාරණය කර සිටියි.
මහින්දගේ රැස්වීමේ ‘සිංහල කොඩි’ :
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ යටිනුවර ඡන්ද ප්‍රචාරක රැස්වීමක ‘සිංහලේ කොඩි’ ඔසවා තිබීම මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්ව ඇත.
ඒ සම්බන්ධයෙන් එජාපය වෙනුවෙන් ඊයේ නිවේදනයක් නිකුත් කල වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා, රට තුළ වර්ගවාදී හැඟීම් ඉස්මතු කරමින් යලිත් ජාතිවාදී ගිනි පුපුරු අවුලවා දකුණ දිනා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා යලිත් උත්සහ කරන බවට චෝදනා කළේය.
සිය දේශපාලනය තුළ වෛරී සහගත බව සැම විටම ප්‍රකට කළ මහින්ද රාජපක්ෂ මහතා, ඒ සඳහා උපයෝගී කරගත හැකි ඕනෑම ක්‍රියාදාමයක් අනුගමනය කිරීමට පැකිලෙන්නේ නැති බව යටිනුවර පැවැති සන්ධාන රැලියේ ඔසවා තැබූ ‘සිංහලේ ධජ’ තුලින් යලිත් වරක් පෙන්වා දී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.








