FAST NEWS

24×7 Around the Globe

2017 දී දුම්රියේ ගැටීමෙන් 510ක් මිය ගිහිං..

දුම්රියේ ගැටීම හේතුවෙන් පසුගිය වසරේදී පුද්ගලයන් 510 දෙනෙකු මරණයට පත්ව තිබෙන බවත්, විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය මාර්ගයේ ගමන් කිරීම සහ දුම්රිය හරස් මාර්ගවලින් අපරීක්‍ෂාකාරීව වාහන ධාවන කිරීම වැනි හේතු නිසා පුද්ගලයන් මරණයට පත්ව තිබෙන බවද එම දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂ හමුදා අධිකාරී අනුර ප්‍රේමනාත් මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් කිසිලෙසකින් දුම්රිය මාර්ගවල ගමන් නොකරන ලෙසත්, දුම්රිය හරස් මාර්ග හරහා වාහන ධාවනය කිරීමේදී දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන වීම පිළිබඳ දැඩි පරීක්‍ෂාකාරී ලෙස කටයුතු කරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියි.

2016 වසරේදී මරණයට පත්ව ඇත්තේ පුද්ගලයන් 470කට ආසන්න ප්‍රමාණයක් බවද අනුර ප්‍රේමනාත් මහතා සඳහන් කළේය.