FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගෙන් පාකිස්තානයට චෝදනා එල්ල වෙයි..

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්තානයට චෝදනා එල්ල කරන බව විදෙස්මාධ්‍ය පවසයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම වසරේ නිකුත් කළ සිය ප්‍රථම ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබුණේ පාකිස්තානය ඩොලර් බිලියන ගණනක විදෙස් ආධාර ලබමින් තමන්ට අසත්‍ය ප්‍රකාශ කරන බවයි.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ පසුගිය වසර 15ක කාලය තුළ ඇමෙරිකාව පාකිස්තානයට අඥාන ලෙස ඩොලර් බිලියන තිස් තුනක ආධාර ලබා දී ඇති බවය.

පාකිස්තානය මීට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ ඇමෙරිකාවෙන් ලබාදුන් බව කියන ආධාර පිළිබඳ තොරතුරු හෙළි කිරීමට සූදානම් බවය.

 

C.Rodrigo