ජනප්‍රිය නිළි ඇම්බර් හියර්ඩ් ඔස්ට්‍රේලියාවේදී නීතිමය ප්‍රශ්නයකට මැදිවී සිටිනවා. ඒ, ඇය එරටට නීති විරෝධීව ටෙරයර් වර්ගයේ සුනඛයන් දෙදෙනෙකු ද රැගෙන පැමිණීමයි. එවැනි වටිනා සුනඛයන් කිසිදු අවසරයකින් තොරව ගුවන් මඟින් ඔස්ට්‍රේලියාවට රැගෙන ඒම නීති විරෝධී නිසා ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එරට බලධාරීන් තීරණය කරලා.
ඇයට තවත් චෝදනාවක් ද එල්ල වී තිබෙනවා. ඒ, එම සුනඛයන්ට අදාළ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම පිළිබඳව. මෙම වැරදිවලට ඇය නීතිය ඉදිරියේ වැරදිකාරියක වුවහොත් ඇයට වසර 10 ක සිර දඬුවමක් සහ ඩොලර් 100, 000 ක දඩයකට යටත් වීමට සිදුවෙනවා.
ඇම්බර් හියර්ඩ් ඔස්ට්‍රේලියානු නීති උල්ලංඝණය කරමින් තමන් සතු සුරතල් සුනඛයන් දෙදෙනා එරටට රැගෙන ආවේ පසුගිය අප්‍රේල් මාසයේදීයි. මේ ගමනට ඇගේ සැමියා වන චිත්‍රපට නළු ජෝන් ඩෙප් ද එක්වී සිටියා.








