FAST NEWS

24×7 Around the Globe

අගමැති නියමයෙන් එජාප ආසන සංවිධායකවරු සිරිකොතට කැඳවති..

දිවයින පුරා සිටින, එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් කළමනාකරුවන් ලබන ජනවාරි 03 වැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවන ලෙස එජාප නායක , අග්‍රමාතය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉහළින් ජයග්‍රහණය කරවීම සඳහා මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දැනුම්වත් කිරීමට නියමිතව ඇති බවත්, මෙම සමුළුව සඳහා පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ නායකයෝ රැසක් සහභාගි වීමටද නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

DE සිල්වා