FAST NEWS

24×7 Around the Globe

මුදල් මණ්ඩලය පර්පචුවෙල් ට්‍රෙෂරීස් ගැන තීන්දුවක් ගැනීමට යයි..

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට අදාළව ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රය මාස 06 ක කාලයකට අත්හිටවු පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග, එළඹෙන සතියේ දී මුදල් මණ්ඩල හමුවීමෙන් පසුව තීරණය කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

2017 ජූලි 06 දින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රය මාස 06 ක කාලයකට අත්හිටුවූ අතර එළඹෙන සතියේ දී එම කාලසීමාව ගෙවී අවසන් වීමට නියමිතය.

DE සිල්වා