FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය ගායිකා ජින්ජර් අනතුරකින් රෝහල් ගත කෙරේ..

දෙනියාය ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටි ජනප්‍රිය ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය අනතුරකට පත්ව තිබේ.

දියදාව ප්‍රදේශයේ බෝක්කුව අසල ඇති අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් ජින්ජර් ඇතුළු එහි ගමන්ගත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

ජින්ජර් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය සැක කරයි.

එම අවස්ථාවේ මෝටර් රථයේ ජින්ජර් ඇතුළු ජින්ජර්ගේ හත් හැවිරිදි පුතා සහ ඇගේ ඥාති පුතකු සහ රියදුරු ගමන් කරමින් සිට ඇත .

අනතුර සිදුවනවාත් සමගම අසල්වාසීන් පැමිණ මහත් පරිශ්‍රමයක් දරා අනතුරට පත් වූ පිරිස මෝටර් රථයෙන් එළියට ගෙන දෙනියාය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.

DE සිල්වා