ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ආණ්ඩුව තුළ සිටිනවාද, නැද්ද යන්න තීරණය කිරිම සඳහා මේ සතිය තුළ පැවැත්වීමට සැලසුම් කර තිබු මධ්‍යම කාරක සභාවක් හා සමස්ත ලංකා කාරක සභා රැස්වීමක් සාකච්ඡා පළාත් පාලන මැතිවරණයෙන් පසු සිදුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා එක්සත් ජාතික පෙරමුණ අතර සම්මුතිවාදී ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට අත්සන් කළ ගිවිසුම මේ මස 31 වැනිදායින් පසු අවලංගු වීමට නියමිත අතර, එහෙයින් ඉදිරි කාලයේදීත් සම්මුතිවාදී ආණ්ඩුවේ සිටිනවාද, නැද්ද යන්න පිළිබඳව මෙම සාකච්ඡා පැවැත්වීමට නියමීතව තිබු බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
එහෙත් මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක ආණ්ඩුවේ සිටිනවාද, නැද්ද යන්න තීරණය කිරීම මැතිවරණය අවසන් වීමෙන් පසු සිදුකිරීමට තීරණය කර ඇති බව පැවසේ.
මේ නිසා එළඹෙන 31 වැනිදා සම්මුතිවාදී ආණ්ඩුවේ වසර දෙකේ ගිවිසුම අවසන් වුවද, එම ගිවිසුම සැලකිල්ලට ගෙන ඉදිරියටත් ආණ්ඩුවේ රැඳී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
DE සිල්වා