2017 අ.පො.ස උ.පෙළ විභාගයේ ප්‍රතිපල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇති බවත් , එ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අපේක්ෂකයින් තුන් ලක්ෂ 15,227 ක් පෙනී සිටියේය.
ප‍්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකරගැනීමට මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර සමත් වී තිබේ.
භෞතික විද්‍යා විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය යාපනය හාර්ඩ්ලි විද්‍යාලයේ ශ‍්‍රීධරන් දුවාරකන්ට හිමිව තිබේ.
වාණිජ විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකතරගෙන ඇතතේ මාතර සුජාතා විද්‍යාලයේ දුලානි රසන්තිකා ශිෂ්‍යාවයි.
කලා විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකරගැනීමට රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමි සමත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමී ප‍්‍රසාදි රන්සිරිනි ශිෂ්‍යාවයි.
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග හිමිකරගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පොදු විෂය ධාරාවෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය කොළඹ දේවිබාලිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග හිමිකරගෙන තිබේ.
DE සිල්වා
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.