FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ ජය වෙනුවෙන් පොදුජන පෙරමුණෙන් කමීටු 03 ක්..

ඉදිරියේ පැවැතවෙන පළාත් පලාන මැතිවරණයෙන් පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එම පෙරමුණ විසින් කමීටු තුනක් පත් කිරීමට ඊයේ (27) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛව පැවති විශේෂ රැස්වීමකදී තිරණය කර තිබේ.

එ අනුව මාධ්‍ය මෙහෙයුම් කමීටුව,රැස්විම් සංවිධාන කමීටු හා නීති උපදෙස් කමීටුව එවා වේ.

මාධ්‍ය මෙහෙයමු කමීටුවේ ප්‍රධානියා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පත් කර ඇති අතර ඊට බන්දුල ගුණවර්ධන,උදය ගම්මන්පිල,සිසිර ජයකොඩි,මොහොමඩ් මුසම්මීල් හා සංඡිව එදිරිමාන්න යන මහත්වරු ඇතුළත් කර තිබේ.

රැස්විම් සංවිධාන කමීටුව බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබේ.

එසේම නීති උපදෙස් කමීටුව ජී.එල් පීරිස් මහතාගේ ප්‍රධානාත්වයෙන් පත් කීරමට මෙහිදි තීරණය වී තිබේ.

DE සිල්වා