මහමැතිවරණය හේතුවෙන් කාර්ය බහුල වී ඇති අපේක්ෂක අපේක්ෂිකාවන් අතර බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය කැපී පෙනෙන චරිතයකි. සිය මැතිවරණ වැඩසටහනේ එක් පියවරක් ලෙස පිටකොටුව පළමු සහ දෙවන හරස් වීදීන්හි වෙළද මහතුන් හමුවීම හා ජනතාවට අත්පත‍්‍රිකා බෙදා දීම වෙනුවෙන් පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඊයේ දින එම ප‍්‍රදේශයේ සංචාරයක යෙදුණි.
එහිදී එම වෙළෙඳ මහත්වරුන්ගෙන් ඇයට ඉතා සුහද ප‍්‍රතිචාරයන් ලැබුණු අතර කොළ ඇපල් වලින් සැකසූ මාලයක් දමා ඇය පිළිගැනීමට ඔවුන් ක‍්‍රියාකර තිබුණි. පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ සැමියා වන හිරාන් යටෝවිට මහතාද එම අවස්ථාවට සහභාගී වී සිටිනු දක්නට ලැබුණි.












