FAST NEWS

24×7 Around the Globe

සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සින් ලුන් මහතා ශ්‍රී ලංකාවට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සින් ලුන් මහතා ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබේ.

එ අනුව සිංගප්පුරු අගමැතිවරයාගේ මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරටට පැමිණෙන සිංගප්පුරු අගමැතිවරයා ජනාධිපතිවරයා ද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

DE සිල්වා