FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට සිහින් වැසි වාර..

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (27) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වෙයි.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මි.75 පමණ තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

DE සිල්වා