FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද අයැදුම්පත් ලක්ෂ 05 ක්…

පළාත් පාලන ආයතන 341 ක් වෙනුවෙන් ලබන පෙබරවාරි 10 දින පැවැත්වෙන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 05 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ සඳහා වන තැපැල් ඡන්ද විමසීම ජනවාරි 25 සහ 26 යන දිනවල සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට තිබේ.

මෙවර පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල සමඟ තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම නිකුත් නොකෙරෙන බවද තැපැල් ඡන්ද විමසීමෙන් පසු එම ඡන්ද පත්‍රිකා පළාත් පාලන ආයතන සඳහා පත්කොට ඇති තේරීම් බාර නිලධාරීන් වෙත යවනු ලබන අතර ඔවුන් විසින් ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් වෙත යවනු ඇත.

එහිදී අනෙකුත් ඡන්ද පත්‍රිකා සමඟ මිශ්‍රකොට එම තැපැල් ඡන්ද ගණන් කිරීම සිදු කෙරෙන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

DE සිල්වා