FAST NEWS

24×7 Around the Globe

සන්ධානය හෙට අවබෝධතා ගිවිසුම අත්සන් කරයි..

පළාත් පාලන මැතිවරණය සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග වදින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්‍ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (28 ) සිදු කෙරේ.

එ අනුව හෙට පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අනෙකුත් පක්‍ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එම කටයුත්ත සිදු වෙයි.

මෙහිදී දේශපාලන පක්‍ෂ 15 ක අවබෝධතා ගිවිසුමට අත්සන් කරන බවත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයද එදින එළිදැක්වීමට නියමීත බවද එම සන්ධානය පැවසීය.

DE සිල්වා