FAST NEWS

24×7 Around the Globe

පක්ෂ ලේකම්වරු හා මැතිවරණ කොමීෂන් සභාව අතර සාකච්ඡාවක්..

පළාත් පාලන මැතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, තරග කරන සියලුම දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පෙරවරු 10.00 ට රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමීතව තිබේ.

මැතිවරණ නීති බලාත්මක කිරීම හා මේ වන විට පැනනැගී ඇති ගැටලු කිහිපයක්‌ පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමීෂන් සභාව සඳහන් කළේය.

මේ අතර රටපුරා සිටින සියලු තේරීම් භාර නිලධාරීන් හා නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්‌වරුන් විශේෂ සාකච්ඡාවකට මැතිවරණ කොමිසම විසින් හෙට (28) කොළඹට කැඳවා තිබේ.

DE සිල්වා