FAST NEWS

24×7 Around the Globe

තැපැල් සේවකයෝ කෑම පැයේ විරෝධය පාති..

දිවයින පුරා ප්‍රධාන නගරවල ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණු සාමාජිකයන් අද (27) දහවල් කෑම පැයේ උද්ඝෝෂණයක නිරත වන බව එම පෙරමුණ සඳහන් කළේය.

තැපැල් දෙපාර්තමේන්තුවට සේවකයින් බඳවා ගැනීමේ සහ උසස්‌ කිරීමේ කටයුතු නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය දක්‌වන බවත් ඊට නිසි ප්‍රතිචාර නොලැබුණහොත් ලබන සතියේ අඛණ්‌ඩ වැඩවර්ජනයකට යොමුවන බවත් එම පෙරමුණ ප්‍රකාශ කළේය.

DE සිල්වා