FAST NEWS

24×7 Around the Globe

වර්ජනයකට යන බව රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි..

අමතර රාජකාරී දීමනා ඉහළ නැංවීම සඳහා වූ යෝජනා මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පල කරමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි සති 02 ක කාලය තුළ විසඳුම් නොලැබුණහොත් ජනවාරි මාසය තුළ දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට යොමු වීමට සිය සංගමයේ විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කල බව එම සංගමය පවසයි.

එම දීමනාව අවසන් වරට සංශෝධනය වී ඇත්තේ 2013 වසරේදී වන අතර අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ දීමනා ඉහළ නැංවීම සිදු වුවද වෛද්‍යවරුන්ගේ පමණක් දීමනා ඉහළ නැංවීමට අදාළ කටයුතු මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති බව එම සංගමය පෙන්වා දෙයි.

වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රජකාරී දීමනා සංශෝධනයට අදාළ යෝජනා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බාර දී මේ වන විට වසරක පමණ කාලයක් ගත වුවද මේ දක්වා අදාළ දීමනා සංශෝධනය කර සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අදාළ අංශ වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බවද එම සංගමය චෝදනා කර සිටියි.

DE සිල්වා