ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (26) රාත්‍රීයේදී පැවැත්වීමට නියමීත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පළාත් මැතිවරණය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීධුර අහිමී කිරීමට දරන උත්සාහය හා බැදුම්කර කොමීසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමෙන් පසු ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි තීන්දු තීරණ රැසක් ගැනීමට නියමීත බවත් පැවසේ.
මෙවර පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගිනීමන් ජනවාරී 02 වැනිදා සුගදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ප්‍රථම රැලියට ජනතාව සහභාගී කරවා ගැනිම සම්බන්ධයෙන්ද මෙහිදි විශේෂ අවධානයක් යොමුවනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
DE සිල්වා








