FAST NEWS

24×7 Around the Globe

රජරට මිහින්තලේ පරිශ්‍රය අද සිට යළි විවෘත වෙයි..

සිසුන් අතර සීඝ්‍රයෙන් පැතිර ගිය වෛරස් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගියදා තාවකාලිකව වසා දැමු, රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ සියලුම පීඨ අධ්‍යයන කටයුතු සදහා අද (26) යලිත් විවෘත කෙරෙන බවයි එහි උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එ අනුව නේවාසිකාගාර හිමි සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද පස්වරු 04 ට පෙර නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

එහි සමාජ විද්‍යා පීඨයේ අවසන් නොවූ විභාග හෙට (27) සිට කාලසටහනේ අනුපිළිවෙලට පැවැත්වීමට නියමිතව බවද උපකුලපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

DE සිල්වා