FAST NEWS

24×7 Around the Globe

තැපැල් සේවකයෝ හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයකට යයි.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහා වු නව බඳවා ගැනීමේ පටිපාටියක් සකස් කරන බවට ලබාදෙන පොරොන්දු දිගින් දිගටම කඩකරන නිසා හෙට (27) සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

මේ අනුව හෙට (27) දිනයේදී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම මූලික කරගනිමින් ප්‍රධාන නගරවල විරෝධතා ව්‍යාපාර පවත්වන බවද, මීට අමතරව 28 වැනිදායින් පසු එළඹෙන ඕනෑම දිනයකදී අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයිද එම පෙරමුණ පවසයි.

වැඩ වර්ජන ක්‍රියාවලිය නිසා ඡන්ද කාඩ්පත් බෙදාහැරීම ඇතුළු අනෙකුත් කටයුතුවලට සිදුවන බාධාවලට අදාළ වගකීම ආණ්ඩුව බාරගත යුතු බවද එම පෙරමුණ අවධාරණය කර සිටියි.

DE සිල්වා