FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර කොමීසමේ වාර්තාව දෙසැම්බර් 31 පෙර ජනපති අතට..

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ මස 31 දාට පෙර ලබාදීමට කටයුතු කරන බව එහි ‍ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා ප්‍රකාශ කළේය.

එම වාර්තාව මේ වන විට සකස් කරමින් පවතින බවත් එය 31දාට පෙර ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

බැඳුම්කර කොමිසමේදී හෙළි දරව් වූ කරුණු හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එහි චූදිතයින් බවට පත්වී ඇති නිසා තවදුරටත් ආණ්ඩුවේ සිටීම සුදුසු නොවන බව වත්මන් ආණ්ඩුවේ ඇමැති ධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබිණි.

ඔවුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට උත්සාහගත් අවස්ථාවේදී දෙසැම්බර් 31 වනදා තෙක් ඉවසීමෙන් සිටින්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබිණි.

DE සිල්වා