FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුවේ සියළු අපෙක්ෂකයෝ ජනවාරි 02 කොළඹට..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට තරග කරන සියලුම අපේක්‍ෂකයන් ලබන ජනවාරි 02 වැනිදා කොළඹට කැඳවා තිබේ.

මෙදින කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්‌ පැවැත්වේ.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන අපේක්‍ෂකයන් රටට, ගමට වැඩ කිරීමේ විශේෂ ප්‍රතිඥවක්‌ ලබාදීමට නියමිත බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන ආයතනවලට තරග කරන අටදහසකට අධික අපේක්‍ෂකයන් මෙදින කොළඹට පැමිණෙනු ඇත.

මෙම හමුවට පෙර පොදුජන පෙරමුණෙන් තරග වදින තරුණ අපේක්‍ෂකයන් දැනුවත් කිරීමේ හමුවක්‌ අද (23) මීගමුව කොච්චිකඩේ දී පැවැත්වීමට නියමිතය.

DE සිල්වා