ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපෙක්ෂකයින් 07 දෙනෙකු විසින් ශ්‍රේෂඨාධිකරණය හමුවේ අද (22) රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
ඒ අනූව තම පක්ෂය විසින් මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පිළිගන්නා ලෙසට නියම කරමින් මහරගම නගර සභාව සම්බන්ධයෙන් කටයුතු කළ තේරීම් නිළධාරීණිය වෙත රිට් නියෝගයක් නිකුත් කරන ලෙසට අදාළ පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
පෙත්සමෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ,එම කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන්, කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරිණිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා , එ.ජා.ප. මහලේකම්වරයා සහ ජ.වි.පෙ. මහලේකම්වරයා වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබේ.
පළාත් පාලන මැතිවරණ පනතේ ප්‍රතිපාදන වලට අනූව කාන්තාවන් සඳහා වෙන්කළ යුතු නියෝජනය නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත් නොකිරීමේ පදනම මත මෙම නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කර තිබුණී.
නිසි විභාගයකින් තොරව ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ගැටලුක් මත නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිළධාරිණිය කටයුතු කර ඇති බවට පෙත්සම්කරුවන් මෙමගින් පෙන්වා දී තිබේ.
DE සිල්වා