FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිම සදහා සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගෙන් අයදුම්පත් භාරගැනිම අද (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

එ අනුව අද දිනයෙන් පසු කිසිදු හේතුවක් මත තැපැල් ඡන්ද අයදුම්පත් භාර නොගන්නා බවද එම කොමීෂන් සභාය පැවසීය.

මෙතෙක් අයදුම් නොකළ සුදුසුකම් ලැබූ පුද්ගලයින් සම්පූර්ණ කළ අයදුම් පත්‍රය සහතික කිරිමේ නිළධාරින් වෙත අද දිනය තුළ භාරදිය යුතු වන අතර ,එම නිලධාරින් විසින් අදාල අයදුම්පත් වහාම සහතික කර මැතිවරණ කොට්ඨාසයේ තේරීම්භාර නිළධාරින් වෙත භාරදිය යුතු වේ.

DE සිල්වා