විදේශ රටවල පුරවැසිභාවය ලබාසිටින ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා විශාල වශයෙන් ඉදිරිපත්වන බවත් 2015 මාර්තු මාසයේ සිට මේ දක්වා 31,000කට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුව පවසයි.
මේ රටේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා එක් අයෙකු රුපියල් ලක්ෂ 03ක මුදලක් ද ඔහුගේ බිරිඳ හා ළමයින් සඳහා එක් අයෙකුට රුපියල් 50,000බැගින් ගාස්තු ගෙවිය වෙයි.
ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේ අයඳුම්පත් විශාල සංඛ්‍යාවක් තම දෙපාර්තමේන්තුවට ලැබෙමින් පවතින බවත් ඒවා පරීක්ෂණයට ලක්කොට සුදුස්සන්ට පුරවැසිභාවය ලබාදීමට කටයුතු කරන බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
DE සිල්වා








