FAST NEWS

24×7 Around the Globe

උඩරට දුම්රිය ගමනට බණ්ඩාරවෙලින් බාධා..

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ කිනිගම අතර 161/12 කි.මී. කණූව ප්‍රදේශයට අද (21) අලුයම් කාලයේ විශාල ගලක් කඩා වැටීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

එහෙයින් බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට තිබු උඩරට මැණිකේ දුම්රිය අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

එසේම ඊයේ (20) සවස කොළඹ කොටුවෙන් පිටත්වු රාත්‍රී තැපැල් දුම්රිය ද බණ්ඩාරවෙල දක්වා පමණක් ධාවනය කිරිමට සිදුව තිබේ.

DE සිල්වා