FAST NEWS

24×7 Around the Globe

“අක්බාර් ටවුන්” එඩේරමුල්ල 02 ලෙස නම් කිරීමට තීරණය කෙරේ..

මහර ප්‍රදේශීය සභා බල ප්‍රදේශය තුළ ග්‍රාමසේවා වසම් 04ක් එක් කර “අක්බාර් ටවුන්” ලෙස නම් කර ඇති මැතිවරණ කොට්ඨාශය “එඩේරමුල්ල 02” ලෙස නම් කිරීමට පළාත් සභා හා පළත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙම නම් කිරීමට විරෝධය පළ කරමින් එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකිමේ ව්‍යාපාරය නියෝජිතයින් පිරිසක් ඊයේ (20) දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ප්‍රදේශයේ ජනතාවගේ අත්සනින් යුතු සංදේශයක් භාරදී තිබේ.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දුරකථනයෙන් ඇමතූ අමාත්‍යවරයා එම මැතිවරණ කොට්ඨාශය එඩේරමුල්ල 02 ලෙස නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

DE සිල්වා