දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතිව පරිපාලනමය, වැටුප් හා වෘත්තීමය ගැටලු විසඳීම සඳහා තවත් සත් පුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.
එ අනුව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් සහ තවත් අමාත්‍යාංශ 03ක ලේකම්වරුන්ගේ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝජිතයෙකුගෙන් හා ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ නියෝජිතයෙකුගෙන් සහ පෞද්ගලික අංශයේ පිරිස් කළමනාකරණ විශේෂඥයෙකුගෙන් මෙම කමිටුව සමන්විත වෙයි.
ඒ සඳහා මුලින්ම ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් සිවු දෙනෙකුගෙන් සමන්විත කැබිනට් අනුකමිටුවක් මීට ඉහතදී පත්කළ අතර, ඊට අමතරව මෙම කමිටුව පත්කර ඇත.
DE සිල්වා








