FAST NEWS

24×7 Around the Globe

2018 වසරේ වෙසක් පොහෝ දිනය අප්‍රේල් 29 වැනිදා..

2018 වසරේ වෙසක් පොහෝ දිනය අප්‍රේල් 29 වැනිදාට යෙදෙන බව, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමීන් සඳහන් කළේය.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන,
“ඉතින් ඉතිහාසයේ පළවෙනි වතාවට නෙමෙයි අප්‍රේල් මාසයේ පොහෝය යෙදනේනේ විශේෂයෙන් 2018 වර්ෂයේ දී සාමාන්‍යයෙන් පොහෝය 12ක් දින තියෙන්නට තිබුණා… 2018 වර්ෂයේ පොහෝය 13ක් යෙදෙනවා… මාර්තු මාසේ පළවෙනිදත්, මාර්තු මාසයේ 31 වෙනිදත් පෝයක් යෙදෙනවා… එතකොට පොහෝය එහේම නම් 12යි කියලා අපි පිළිගත්තොත් අපිට පොහෝය 13ක් පිළිගන්නත් බෑනේ… ඉතින් ඒ නිසා ඒ විෂය දන්න අය කවුරු හරි පිළිබඳ අභියෝගයක් තියෙනවා නම් වෙනම සංවාදයක් ඇති කරගත්තට කමක් නෑ… මේකට රජය මැදිහත් කරගැනීම සුදුසු කාරණයක් නෙවෙයි… විෂය ඇමතිවරයා හැටියට මට කියන්න තියෙන්නේ විශේෂඥයන් විසින් අනුමත කළ දිනය තමයි ගැසට් පත්‍රය පළ කරලා තියෙන්නේ…”

DE සිල්වා