FAST NEWS

24×7 Around the Globe

මහාධිකරණ නඩු විභාග කිරීම දිනපතාම..

මහාධිකරණවල නඩු ගොඩගැසීම වැළැක්වීමේ අරමුණින් මහාධිකරණවල නඩු විභාග කිරීම් දිනපතාම සිදු කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

ජූරි සභාවක් සහිත හෝ රහිතව මහාධිකරණයේ පැවැත්වෙන සෑම නඩු විභාගයක් ම හැකි සෑම විටකදීම දිනපතා පැවැත්විය යුතු බව අපරාධ නඩු විධාන පනතේ සඳහන් වී තිබුණ ද, එසේ දිනපතා නඩු විභාග නොපැවැත්වෙන හෙයින් නඩු විශාල සංඛ්‍යාවක් මහාධිකරණවල ගොඩගැසී ඇති බවද අමාත්‍යවරීය සිය කැබිනට් පත්‍රිකාව මගින් අවධාරණය කර තිබේ.

DE සිල්වා