ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයන් සඳහා වන දොළොස් වැදෑරුම් ආචාර ධර්ම පද්ධතියක් එම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබේ.
ගමේ මන්ත්‍රී වැටුපත් මහජන සේවයට යෙදවීම, එම පක්ෂයේ සියලු මහජන නියෝජිතයන් විසින් ප්‍රතිපත්තියක් ලෙස මතෛක් අනුගමනය කළ මහජන නියෝජිතයන්ගේ වැටුප් හා දීමනා පෞද්ගලිකව පරිහරණය නොකිරීමේ ප්‍රතිපත්තියට අනුව කටයුතු කිරීම, තමන්ට හිමි වැටුප් හා දීමනා දිස්ත්‍රික් පදනමින් කරනු ලබන මහජන සේවා සඳහා පොදු අරමුණකට බැර කිරීම, පළාත් පාලන ආයතන වෙතින් සිදුකරනු ලබන සංවර්ධන කාර්යයන්හිදී මහජනතාවට ලබාදිය යුතු සියලු තොරතුරු ලබාදීම විශේෂයෙන්ම මූල්‍ය පරිහරණයේදී විනිවිද භාවයෙන් කටයුතු කිරීම මෙම ආචාර ධර්ම පද්ධතියේ මූලික කාරණා වෙයි.
එමෙන්ම ගමෙහි ඇති පොදු මහජන සුබසාධනයට අදාළ ගැටලු හඳුනාගෙන ඒවා විසඳා ගැනීමට උපරිම දායකත්වය ලබාදීම, ගම ගොඩනගන කාර්යයේදී අදාළ බල ප්‍රදේශයේ විවිධ ජන කොටස්වල ප්රමුඛ අවශ්‍යතා හඳුනා ගනිමින්ද ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ඒ ඒ ජන කොටස්වල අදහස් යෝජනා සැලකිල්ලට ගනිමින් ප්‍රදේශයේ කාර්යයන් සඳහා ජන සහභාගිත්වය සහිතව කටයුතු කිරීම, අල්ලස, දූෂණය, වංචාව, නාස්තිය මුළුමනින්ම පිටුදැකීම ඇතුළු පොරොන්දු 12 ක් මෙම ආචාර ධර්ම පද්ධතියට ඇතුළු කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්රචාරක වැඩ සටහනේ පළමු මහජන රැලිය ලබන 27 වෙනිදා අනුරාධපුර නගරයෙන් ආරම්භ කිරීමටද එම පක්ෂය සියලු කටයුතු සූදානම් කර ඇත.