උප්පැන්න සහතිකය නොමැති වීම සහ පදිංචිය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකිව සිටින ඡන්ද දායකයින් ලක්ෂ 03 කට අධික පිරිසකට හැදුනුම්පත් සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට කටයුතු කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
එ අනුව මෙම ඒකකයට හැදුනුම්පත් නොමැති ඡන්ද දායකයින්ගෙන් අයදුම්පත් 5000කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබි ඇති අතර ඉන් 1000කට පමණ දැනටමත් ජාතික හැඳුනුම්පත් නිකුත් කොට ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.
උප්පැන්න සහතික නොමැති ඡන්ද දායකයින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා තමන් පදිංචි කොට්ඨාසයේ හැඳුනුම්පත් ලාභීන් කිට්ටුම ඥාතීන් තිදෙනෙකුගේ සහ දීර්ඝ කාලයක් එම ප්‍රදේශයේ පදිංචි හැදුනුම්පත් තිබෙන තවත් පදිංචිකරුවන් තිදෙනෙකුගේ සහතික, දිවුරුම් ප්‍රකාශයක් ද සමඟ ග්‍රාම නිළධාරි නිර්දේශද සහිතව සිය අයදුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දොපර්තමේන්තුවේ විශේෂ ඒකකයට භාර දිය යුතුය.
එමෙන්ම මේ සඳහා අයදුම්කරන ඡන්දදායකයින් ශ්‍රී ලංකා පුරවැසියන් විය යුතු බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව පවසයි.
DE සිල්වා








