දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බවත් එ අනුව වයිනේ බොහෝ පලාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (20) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
නැගෙනහිර,ඌව,සබරගමුව සහ දකුණු පළාත් වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සමහර ස්ථාන වල මි.මි.75 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම වයඹ සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු වන බවද සඳහන්.
DE සිල්වා








