FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධීව ජංගම දුරකථන 2000 ක් කටුනායකදී දැළේ..

නීතිවිරෝධීව මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා ජංගම දුරකථන 2000 ක් අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගුව භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයක් නොමැතිවෙ මෙම ජංගම දුරකථන මෙරටට ගෙනැවිත් ඇති බව රේගුව පවසයි.

කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනකු මෙම ජංගම දුරකථන තොගය මෙරටට ගෙන්වා ඇති බවත් හෙළිව තිබේ.

මෙම ජංගම දුරකථන තොගය අතර ඇපල්,සැම්සුන් මාදිලියේ දුරකථන තිබෙන බවත් ,මෙම ව්‍යාපාරිකයන් මෙම දුරකථන ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමේ අරමුණින් මෙරටට ගෙන ආ බවට තොරතුරු අනාවරණය වු බව රේගුව වැඩි දුරටත් සඳහන් කරයි.

DE සිල්වා