FAST NEWS

24×7 Around the Globe

දුම්රිය රියැදුරෝ 21 මධ්‍යම රාත්‍රී සිට වර්ජනයකට යෑමට සැරසෙති..

සරත් අමුණුගම අමාත්‍යවරයාගේ සභාපතිත්වටයන් යුත් කැබිනට් අනු කමීටුව එකඟ වු කරුණූ මෙම මස 21 වැනි දිනට ප්‍රථම ඉටු නොකළහොත් එදින මධ්‍යම රාත්‍රීයේ සිය නැවත වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ලොකොමෙටිව් රියැදුරු සංගමය පවසයි.

පසුගියදා පැවැති දුම්රිය වර්ජනයට අදාළව සම්බන්ධයෙන් වෘත්තීය සමීති හා කැබිනට් අනු කමීටුව අතර පැවති සාකච්ඡාවේදි ,මෙම මස 23 හා 30 යන දිනයහිදි පැවැත්වීමට නියමීත දුම්රිය සහායක තරග විභාගය අත්හිටුවීමට එම කමීටුව පොරාන්දු වු බව එම සංගමය පෙන්වා දෙයි.

එ අනුව එම එකඟතාවය තවදුරටත් ප්‍රමාද වන්නේ නම් වෘත්තී ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වනු විනා වෙනත් විකල්පයක් නොමැති බවද එම සංගමය අවධාරණය කර සිටියි.

මගින් අපහසුතාවයට පත් කිරීම සිය අරමුණ නොවන බවත් අනු කමීටුවේ එකඟතා ක්‍රියාත්මක කිරිම අමාත්‍යවරයාගේ වගකීම බවත් එම සංගයම වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියි.

DE සිල්වා