FAST NEWS

24×7 Around the Globe

නි.අමාත්‍ය නිමල් ලාන්සා ඉල්ලා අස්වෙයි..

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී ඇති බව වාර්තා වේ.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෙක් ලෙස තරග කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

පසුව ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරමින් ආණ්ඩුවට එක්විය.

කෙසේ වෙතත් හෙතෙම මෙම ධුරයෙන් ඉල්ලා අස්වි ඇත්තේ පොදුජන පෙරමුණෙන් මීගමුව නගරාධිපති ධුර අපේක්ෂකයත්වයට තරග වැදිමට බවත් රාවයක් පැතිර යයි.

DE සිල්වා