FAST NEWS

24×7 Around the Globe

ඖෂධ වර්ග 48 හි මිල ගැසට් පත්‍රයකින් යළි ඉහළ දැමේ..

රජය විසින් පසුගිය සමයේ මිල අඩු කරන ලද ඖෂධ වර්ග 48 හි මිල පසුගිය බ්‍රහස්පතින්දා (14) සිට බලපැවැත්වෙන පරිදි අංක 2049/31 දරණ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නැවත වැඩි කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුක් කරමීන් පෙන්වා දෙයි.

අති විශේෂ ගැසට් පත්‍රය මගින් සිදු කර ඇති මෙම මිල වැඩි කිරීම තුළ සමස්තයක් ලෙස 5%ක පමණ ප්‍රතිශතයකින් වැඩිවී ඇති බවක් දක්නට ලැබුණද, ඇතැම් ඖෂධයන්හි මිල 5%ක ප්‍රතිශතයක්ද ඉක්මවා ඉහළ දමා ඇති බවක් එම ගැසට් පත්‍රෙය් දක්නට ලැබෙන බව එම ව්‍යපාරය පෙන්වා දෙයි.

ඩොලරයට සාපේක්ෂව ලෝක වෙළෙඳ පොළ තුළ ඖෂධ මිළ ඉහළ යාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම තුළ 5%කින් ඖෂධ මිල වැඩි කිරීමට සිදු වූ බව, මීට හේතුව ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

DE සිල්වා