FAST NEWS

24×7 Around the Globe

වර්ජනයක යෑමට ලංවිම ඒකාබද්ධ වෘත්තීය සන්ධානය තීන්දු කරයි..

දිවයින පුරා වැඩ වර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බව එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ප්‍රසාද දීමනාව කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය පැවැත්වීමට තීරණය කර ඇති බව හෙතෙම පැවසීය.

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් දින 09 පුරා උපවාසයක නිරත වී සිටින අතර බලධාරීන් ඊට නිසි විසඳුමක් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කළ බව රංජන් ජයලාල් මහතා මහතා වැඩි දුරටත් අවාධාරණය කර සිටියි.

DE සිල්වා