FAST NEWS

24×7 Around the Globe

රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ‍්‍රය වැසේ..

සිසුන් අතර ශීඝ‍්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ,රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ‍්‍රයේ සියලුම පීඨ හදිසියේ වසා දැමීමට තීරණය කළ බව උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා සඳහන් කළේය.

ඒ අනුව අද (19) දිනයේ සිට ලබන 26 වැනි දින දක්වා මිහින්තලය පරිශ‍්‍රයේ සියලුම පීඨ වසා දැමීමට තීරණය කර තිබේ.

නේවාසිකාගාර හිමි සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද 19 දින පස්වරු 04 ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු අතර යළි 26 වන දින පස්වරු 4.00ට පෙර නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු වෙයි.

සමාජ විද්‍යා පීඨයේ අවසන් නොවූ විභාග නැවත දෙසැම්බර් 27 වන දින සිට කාලසටහනේ අනුපිළිවෙලට පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව උපකුලපතිවරයා වැඩි දුරටත්සඳහන් කළේය.

DE සිල්වා