FAST NEWS

24×7 Around the Globe

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

දිවයින හරහා ඊසාන දිග මෝසම ස්ථාපිත වී ඇති බැවින් උතුරු, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල ඉදිරි දින දෙකේදී වැසි තත්ත්වය වර්ධනය වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අනුව හෙට දිනයේදී දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බවත් සෙසු පළාත්වල සවස 2.00 පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව ද එහි දැක්වෙයි.

එසේම උතුරු හා නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්වලට මිලිමීටර් 75ට වැඩි වැසි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.