FAST NEWS

24×7 Around the Globe

තේ ආනයනයේ තහනම ඉවත් කර ගැනීමට නියෝජිත කණ්ඩායමක් රුසියාවට..

රුසියාව ශ‍්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට අදාළව තාවකාලිකව පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සඳහා කරුණු පැහැදිළි කිරීමට අමාත්‍යවරුන් වන නවීන් දිසානායක සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ නියෝජිත කණ්ඩායමක් ඊයේ (17) රාති‍්‍රයේ රුසියාව බලා පිටත්ව ගොස් ඇත.

මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) හපුතලේ පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේ අදාළ ගැටලුවට වගකිවයුතු සමාගමට එරෙහිව සම්පූර්ණ පරික්ෂණයක් සිදුකර නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් හා පරික්ෂණවලදී සමාගම වැරදිකරු බවට තහවුරු වුවහොත් ඔවුන්ගේ අපනයන බලපත‍්‍රය තහනම් කිරීමට ද කටයුතු කරන බවත්ය.