ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලැබූ සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අවම කඩඉම් ලකුණු ලබන සතියේ නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත් ,එම ලකුණු අනුව ලබන ජනවාරි මාසයේදීම සිසුන්ට පාසල් ලබා දීමට ද සැලසුම් කර ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
පසුගිය අගෝස්‌තු මාසයේ පැවති මෙම විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්‍ෂණය සඳහා ඉදිරිපත් කරන ලද අභියාචනාවලට අදාළ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මෙතෙක් නිකුත් කර නැත.
කඩඉම් ලකුණු නිකුත් කළද එම අභියාචනා අනුව ප්‍රතිඵල වෙනස් වන සිසුන් සඳහා අවස්‌ථාව ලැබෙන බව ඉහත ආරංචි මාර්ග පැවසීය.
DE සිල්වා








