FAST NEWS

24×7 Around the Globe

තැපැල් වෘත්තීය සමීතිත් රතු එළි දල්වයි..

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින ගැටලුවලට ඉදිරි සති දෙක ඇතුළත විසඳුම් ලබා දීමට කටයුතු නොකළහොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් බඳවා ගැනීමේ ක්‍රියා පරිපාටියේ පවතින ගැටලුකාරී තත්ත්වයන්ට මෙන්ම තවත් ගැටලු කීපයක්‌ සම්බන්ධයෙන් වසර ගණනාවක්‌ පුරා විසඳුම් ලබා දීමට රජය අපොහොසත්ව ඇති බව එම වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත සාධාරණ විසඳුමක්‌ ලබාදීමට පියවර නොගතහොත් දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීම නතර නොකරන බවද එම වෘත්තීය සමිති කියා සිටියි.

DE සිල්වා