ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසාන දිග මෝසම ස්ථාපිත වේ යැයි අපේක්ෂා කළ හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (15) දහවල් නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එහි සඳහන් වෙයි.
විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි.75 ක පමණ සාමන්‍ය තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.
DE සිල්වා








