මුළු රටම ආවරණය වන පරිදි අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම සදහා ගුගල් ආයතනය සමග ඓතිහාසික ගිවිසුමක් අද දින අත්සන් කෙරෙනු බව විදේශ කටයුතු, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය මංගල සමරවීර නිවේදනය කර සිටියි.
ඉහල උන්නතාංශයකින් සමන්විත බැලූන් උපයෝගී කරගනිමින් ගුගල් ලූන් ඔස්සේ ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම ආවරණය කරමින් අන්තර්ජාලයට පහසුවෙන් ප්‍රවේශ වීමට හැක.
සමස්ත රටම අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ආවරණය වූ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව දැන් පිය නගනු ඇත.









